Lyrics
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ
මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ
හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ
නවතින්න අවසරයි ප් රේමයෙන්
නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා
හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා
නිම නොවෙන ප් රේමෙන් නික්මෙලා
මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා
මතකයද මේ දුක් දෙන්නේ අපි කෙරූ ආදරේ
අමතකද මා ලඟ උන්නා තනිකමින් උන් දිනේ
ඇස් වැහෙන මොහොතක් පාසා නුඹ ඉන්නවා හිතේ
යලි එන්න හැකිනම් ඉක්මනින්
නුඹෙ සුවඳ විලවුන් තවරා සයනයේ ගුලිවෙලා
පැරණි මතකය මා ඉල්ලා යලි එන්නෙ නැති නිසා
යලි එන්නෙ නැතිදෝ මා සොයා
හැකි මට ඉන්න පෙර සේ වසලා