කවුරුත් එන්නැති කවුරුත් දන්නැතිkawuruth ennaethi kawuruth dhannaethi

Kawruth Ennathi Kawruth Dannathi

Lyrics

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුනු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ

සඳකැන් බොඳවුනු වළා කැදැල්ලේ
තරුකැට අහුරක් සිනා මෝදුකර
කඳුලින් ඉපදුන ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට 
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ

සියොලඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිණියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහි වැලපෙමු අපි ආයේ

කවුරුත් එන්නැති ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.