කවදාවත් කවමදාවත්kawadhaawath kawamadhaawath

Kawadawath Kawamadawath

Music:
කෆී - සංජීව ලියනගේkafii - sanjiiwa liyanagee
Lyrics:
ශිරෝමි අරුණතිලකshiroomi arunathilaka

Lyrics

කවදාවත් කවමදාවත් - නොලැබෙන සෙනෙහසක්
කිසිදාකත් කිසිමදාකත් - අමතක නැති පෙමක්
අදටත් මියෙනදාටත් - එකලෙස උණුහුමක්
ලැබුනත් නොලැබුනාමත් - නොවෙනස් හදවතක්

ලඟටත්..  ලඟට නාවත්.. ඈතට ගිය හිතක්
දැනුනත් නොදැනුනාමත්.. නුපුරැදු සුවහසක්
පිපුනත් පරවු දාටත්.. සුවඳින් පිරි මලක්
ලැබුනත් නොලැබුනාමත්.. නොවෙනස් හදවතක්...

බැලුවත් නොබැලුවාමත් - බොඳවුනු සිතුවමක්
සුසුමක් සුසුමි දහසක්වන් - කඳුලු බිංදුවක් 
හෙටටත් සසර ගණනක් - මා පසු කර ගියත්
ලබුනත් .. නොලැබුනාමත්.. නෙවෙනස් හදවතක්

කවදාවත් කවමදාවත් - නොලැබෙන සෙනෙහසක්
ලැබුනත් නොලැබුනාමත් - නොවෙනස් හදවතක්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.