කවදාක හෝ යලි හමු වේවිදෝkawadhaaka hoo yali hamu weewidhoo

Kawadaka Ho Yali Hamu

Lyrics

කවදාක හෝ යලි හමු වේවිදෝ
හැම ආත්මයේ ඔබ මගෙ වේවිදෝ
හැම භවේ ලංවෙලා හදවතින් පෙම් කලා
ආත්මයෙන් දිවුරලා හැම හුස්මක් පවා ලං වුනා
මගෙ සිහින කුමාරී හදවතට ලං වී
සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී
මගෙ සිහින කුමාරී හදවතට ලං වී 
සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී

රතු රෝස මල් වලින් ඔබෙ යහන සරසමින්
උන්නාම ආදරෙන් හිත පිරුනෙ රත්තරං 
හැම ආත්මයේ ඔබත් මගෙ වෙන්න පැතුවා මං
මගෙ ලෝකේ ඔබ වෙන්න ඔබෙ ලෝකේ මම වෙන්න හැමදාම අපි  අපගෙමයි
හැම භවේ ලං වෙලා හදවතින් පෙම් කලා
ආත්මයෙන් දිවුරලා හැම හුස්මක් පවා ලං වුනා 

මගෙ සිහින කුමාරී හදවතට ලං වී 
සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී 
මගෙ සිහින කුමාරී හදවතට ලං වී 
සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී 

කවදාක හෝ යලි හමු වේවි දෝ 
හැම ආත්මයේ ඔබ මගෙ වේවි දෝ 
මගෙ සිහින කුමාරී හදවතට ලං වී 
සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී 
මගෙ සිහින කුමාරී හදවතට ලං වී 
සිප ගන්න ආයේ මගෙ සිහින කුමාරී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.