කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේkawadhaadha api aayee hamuwannee raththaranee

Kawadada Api Aye

Lyrics

කවදාද අපි ආයේ හමුවන්නේ රත්තරනේ
ආසයි සුවද නුබගෙ විදගන්න මට ආයේ
හැමදාම මට සිහිවේ නුබගෙන් ලැබු සෙනෙහෙ
නුබ නාවොතින් ආයේ මියයාවි රත්තරනේ
 
මේ ආදරේ නාමයෙන් මා වස්තුවේ
මා නුබ පතා ඇස් පියාගන්නම් සදා

සැබෑ නොවෙන හීන කන්දක් හිතේ සිරවෙලා
මගේ ජීවිතේ මටත් මට සාපයක් වෙලා
මාව මියැදිලා ගියා නම් කමක් නෑ සදා
ඔයා නැතුව ඉන්න බෑ මේ ලොවේ තනිවෙලා

සදාකල් ඔයාගේ සෙවනේ ඉන්න පැතුවෙ මා
ඔබේ ආදරේට මං හරි ලෝබ වුන නිසා
මගේ හිත ඔයාව අදටත් සොයයි කෝ කියා
ඇවිත් යනවදෝ වතාවක් මාව සනසලා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.