කවියකට පදkawiyakata padha

Kaviyakata Padha (Hadakara Oya Desa)

Lyrics

කවියකට පද සොයන 
කවිකාර සිත අතර 
හැඬකාර ඔය දෑස
දඟකාරකම් කරයි
කවියක් තවත් කුමට 
කවියක් ය නුඹ මෙමට
ගහ කොළද මද නලද 
නුඹ හට කවි බඳී....

පින්න පිරී තණ පතක්
අන්දමන්දව බලයි
පුංචි සුදු පා පොඩි
තණ පලස සිපගනී....

කවියකට........

සුළඟ ඉඟි බිඟි කරයි
කෙහෙරැල්ල දඟ කරයි
හිරු කිරණ හොරෙන් මිදී 
සුදු මුදුව හැඬ දමයි

කවියකට........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.