කවියක් සේම නැලවෙනkawiyak seema naelawena

Kaviyak Sema Nalawena

Music:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu

Lyrics

කවියක් සේම නැලවෙන ඔය ඇස් දෙකම
ගෙත්තම් වෙලා හිත් පුවරුවේ රිද්මයට
පිණි දිය දොවා ඔපවත් වුණු තොල් සඟල
සිතුවම් වෙලා හිත් අහසේ උණුහුමට....

(දොඩමලු හිනා කිරණින් මුව සරසාන
මිටියාවතක තනිකම පලවයි හදක...//)
පුන් පෝ කලා පිරි සඳ පායන කලට
හදවත නිවී සැනහෙයි නෙතු ඉනාවට...

කවියක් සේම නැලවෙන...

(පියකරු දසුන් මවනා මගේ හිත් පොතට
පෙම්වත් නුඹේ ලෙන්ගතුවයි පිළිසරණ...//)
හදවත පැතු සෙත් කව් පේළිය කොයිද
පින්වත් මිහිරියේ නුඹ නැති හිත් පැලට...

කවියක් සේම නැලවෙන...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.