Lyrics
කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා
අත් දිගට සුදු කමිසෙ මම අඳිනවා
ගෙඩි කඩන රස්සාව අතහරිනවා
සුදු හාමිනේ ගැනම මන් හිතනවා//
ගොඩවන්න මන් ළඟට එන විට දොලේ
කලු වලට මම පැන්නෙ බයකට නොවේ
ලොකුහාමු පිරිමදින විට ගිනි බටේ
ආලෙට වඩා ඒක ඇත මගෙ හිතේ
ඇත මගෙ සිතේ
ඇත මගෙ සිතේ
ආලෙට වඩා ඒක ඇත මගෙ සිතේ
කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා
සුදු අල්ල මල් පෙත්ත වාගේ ඇගේ
අල්ලන්න බෑ කරගැටයි මගෙ අතේ
ඉල්ලන්නො බහ ඇස් දෙකෙන් පෙම් කළේ
දුප්පත් වෙලා මොකද මන් ඉපදුනේ
මන් ඉපදුනේ
මන් ඉපදුනේ
දුප්පත් වෙලා මොකද මන් ඉපදුනේ
කටුකුලියේ බණ්ඩාර කම ගන්නවා