Lyrics
මල් වැහි වස්සන සිනහා ඔබේ
හුස්ම පවා නවතලා මගේ
කීවා නාහන දෑස ඔබේ
(කතා කරන හීනයක් වගේ......//)
කියද්දි පෙම් බස් දෙතොල් අගින්
ඉඳින්නේ මං හරි පරිස්සමෙන්
හිතාගන්නවත් දෑස් පියන්
ඉඩක් නැද්ද ඔය නුරා නෙතින්........
මල් වැහි වස්සන......
පවන් සලන ඔය දෙනෙත් වලින්
කියන්නේ එන්නද තුරුල් වෙමින්
ගැහෙන්නේ පන නල ඔබේ නමින්
ඇත්තට මේ හිත මගේද දැන්.......
මල් වැහි වස්සන......