Lyrics
කටේ කිරි සුවඳ යන්නට පවා බැරි උනා
යුදට උපන් කුමරා යයි නමක් ඇතිවුණා
මුල්ලේරියා බිමෙහි වතුර ලෙයට හැරවුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා...
නිතර නිතර සීතාවක රණබෙර නැගුණා
කොළොඹ කොටුවේ බළල් මසුත් ගිනි ගනන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා...
තුසිරු ය නාගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුලේ ඇනී වන වුණා
ඉත්තෑ මතුරා විසද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමේ පියා නැති වුණා...