කාට හිමි වුණත් සකි සඳkaata himi wunath saki sanda

Kata Himiunath Sakisada

Lyrics

කාට හිමි වුණත් සකි සඳ
කමක් නෑ ඉතින්......
මමත් පෙම් කළා සුවඳට
බැඳි හදවතින්.....//

පාට පාට සිත් අරණේ
දෑස නැවෙන මල් පිපුණේ...//
බඹරු රොනට යන ගමනේ
ඇයි අප එකතැන රැඳුනේ....

සුසුවඳ මුදු සුමුදු පහස
පැතුමන් බොහෝ දුරයි දෑස....//
ළඟ නම් නුඹේ හදට අහස
පවසාපන් ඈට රහස...... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.