Lyrics
කාශ්මීරයේ සිදංගනාවී
නෙත් සරයෙන් විකසිත කඩුපුල් මලිනි
දෙකොපුල් සිප ගන්නා මිනි තුෂාර කෙමි
මල් පෙති මත පබදියි රස මියුරු කවි
හිරු මල මුකුලිත රතු හැන්දෑවේ
සුවඳ සිනා මල් ගවසා මුවගේ
ඉන්දු තදී ගංතීරේ තනිවී
ඔබ ඉඳුවර මල් විල තිසරාවී
කාශ්මීරයේ ....
මියුරු විහඟ ගී නද වස්සානේ
ආදර පපුදසුන අග්‍රා නගරේ
සිත්තම් කළ පිලිරූ ටජ් මහලේ
ඔබ සඳ කිඳුරිද පෙම් සිරිලාරේ
කාශ්ඹීරයේ ....