කසාවත ගත දැවටී ඇති මටkasaawatha gatha dhaewatii aethi mata

Kasawatha Gatha Dawati Athy Mata

Lyrics

කසාවත ගත දැවටී ඇති මට
නුඹේ මල ගමේදී
වටා පත ගෙන නුඹේ ගුණ කඳ
කියනු බැහැ අම්මේ //

සියක් මවු ගුණ කියා ඇතිමුත්
සෙනෙහේ සිතුවිල්ලෙන්
බිඳක් නුඹේ ගුණ කියනු නොහොමද
නෙතඟ කඳුළැල්ලෙන් //

කසාවත ගත .....

පෙරුම් පිරුවත් සසර කතරෙහි
යළිත් හමුවේ නම්
නිවන් දක්නට එක්ව පැතුමක්
පතන්නම් සෙනෙහෙන් //.

කසාවත ගත ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.