කස පුපුරන (දළදා පෙරහැර)kasa pupurana (dhaladhaa perahaera)

Kasa Pupurana (Dalada Perahera)

Lyrics

කස පුපුරන හේවිසි බෙර නාදේ
පාද සලං මිණි කිංකිණි තාලේ
කැරෙකන ගිනි එළි අහසට විහිදේ
පෙරහැර ළඟ එනවා දළදා
පෙරහැර ළඟ එනවා…

අම්මගේ කරපිට නංගී නැගීලා
මට ඉහළින් මහ ඔලු ගෙඩි පිරිලා
අහසින් ගිය බොරු කකුල්කාරයා 
විතරයි මට පෙනුණේ
පෙරහැර නෑ දුටුවේ…

කස පුපුරන…

තාත්තාලාගේ කර උඩ පිට නැගලා
යාළුවෝ හොඳ හැටි පෙරහැර බැලුවා
යුධ ගිනි නිවලා තාත්තා ආවම
පෙරහැර බලනවා මං
ඊළඟ ඇහැළ මහේ… 

කස පුපුරන…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.