Lyrics
හිතවත් වෙලා හිඳිනා තුරා ලෝකේ පුරා
මා වර්ණනා කරාලා
විරසක වෙලා ගිය පසු ඔයා පවසන්නෙපා
මට සාප වෙන්න කියලා
කරුණා කරලා කියනා දේ මේ අහගන්න
හීනෙන් පෙනුනත් පිච්චෙන් නැති මගෙ හිත හයිය
සැලසුම් හදලා හිතුවා නම් බිම වට්ටන්න
බැරිවෙයි කියලා නුවණින් ඔබ තේරුම් ගන්න
විසඳන්න දේවල් ඉතිරි නෑ
ඉවසන්න පුළුවන් තරහා නෑ
පවට පින දෙන්නට බැහැ
ඔබට තේරෙන්නේ නෑ
ඔබ දුන්නු රිදුමන් වලට මා සැලෙන්නෑ
කරුණා කරලා කියනා දේ....
ස්තූති නොකියා යන්න බෑ
මගෙ ගමන මෙතනින් ඉවර නෑ
වචන ආයේ ගන්න බෑ
ඔබට මා අයිති නෑ
ඔබ හැරිලා ආවත්
නැවත මා හැරෙන්නෑ
කරුණා කරලා කියනා දේ....//