කරුණා සුවඳkarunaa suwanda

Karuna Suwanda

Music:
නිහාල් නෙල්සන්nihaal nelsan
Lyrics:
වර්නන් පෙරේරාwarnan pereeraa

Lyrics

කරුණා සුවඳ තවරාලු හද පියුමේ
ම‍වගේ සෙනෙහසයි උල්පත සැනසීමේ
දුවලා ඇවිදින් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ

ලේ කිරි ‍කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචි කාලේ දන ගාගෙන යනවිට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන් කරලා
‍ඔවදන් දුන් අම්මේ...
මතු සංසාරේදි ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ

දුවලා ඇවිදින් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාටද අද අම්මේ

බඩගිනි වීලා හැඩු විටදි
මට බත් කැවු අම්මේ
පාසැල් යවලා උගන්වලා මට
මහ ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඩ ගහලා
පුතා කියු අම්මේ...
ඔබ මතු බුදු වී දහම් දෙසන විට
මමත් නිවන් දකිනෙමි අම්මේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.