කරපිංචා මාලේkarapinchaa maalee

Karapincha Male

Music:
ශිහාන් ප්‍රනාන්දුshihaan pranaandhu
Lyrics:
ශිහාන් ප්‍රනාන්දුshihaan pranaandhu

Lyrics

කරපිංචා මාලේ සූකිරි බෝලේ
සුවඳ හමන වරකා ගෙඩිය
වගේ රසයි මගේ බයිලා කරිය
දැම්මට මට බෝලේ මං දන්නවා තාලේ
(ඩෝලා පාර ගහලා දාමු ජොලිය....//)

මල් පැණි බිව්වට ආතල් ගත්තට
වට්ටක්කා කෑල්ලක් කන්න මල්ලියේ
සැරට කෑවට ඇඟට හොඳ නැත 
තැඹිලි ගෙඩියක් බිව්වද අයියේ
මේකයි ට්‍රෙන්ඩ් එක ආතල් කික් එක
බයිලා රැප් එක ඇඹරෙන ෆන් එක......

කරපිංචා මාලේ......

ඒ කරි මේ කරි කෑවට සූකිරි
කට්ට කාලා තියෙන්ට ඕනේ
වරක් දෙවරක් පැරදිලා හරි 
කොහොම හරි අපි දිනන්න ඕනේ
මේකයි ට්‍රෙන්ඩ් එක ආතල් කික් එක
බයිලා රැප් එක ඇඹරෙන ෆන් එක......

කරපිංචා මාලේ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.