කරඹ මල් පිපී සුවඳයිkaramba mal pipii suwandayi

Karamba Mal Pipi

Lyrics:
කවි කීර්ති හිමිkawi kiirthi himi

Lyrics

කරඹ මල් පිපී සුවඳයි හේනෙ පැල මගේ
සුබ නැකතට සුදු පිරුවට ඇතිරුවා වගේ
කුරහන් මල් මද සුළඟට දඟ කරයි නගේ
හරියට නුඹ මගේ ළඟින් ඉන්නකොට වගේ

පසළොස්වක නාඹර සඳ ගෙවැදුණා නගේ
නුඹෙ හසරැලි අරගෙන මගෙ තනිකමට රැයේ
ඈතින් එන සීපදයක සිත දැහැන් බැ‍ඳේ
ළඟ නැතුවත් ඉඳුවර මල් ඉඟි කළා වගේ

කරඹ මල් පිපී සුවඳයි ...

සඳ ඉස්සර කරගෙන තරු නෑ ගමන් කොහේ
වලා කැරලි සඳ ඉඹින්නෙ පෙම්වතුන් වගේ
ගෝමර ගෙල වට පළඳා මුතු පොටක් නගේ
මගේ පැලට කැන්ඳා එන සඳ නුඹයි මගේ

කරඹ මල් පිපී සුවඳයි ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.