කරගල ගගාkaragala gagaa

Karagala Gaga

Lyrics

කරගල ගගා ඉන්න//
කරණවෑමි සොයුරාණනේ 
කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න 
කරණවෑමි සොයුරාණනේ...//

නමනා සිරස ඔබට ඉසුරින් පිරුණු දනත 
ඔබ හිස රැගෙන යතැයි බිය සැක නැතුවා 
පාමින් ඔබට නෙතට ඔච්චම් කළ 
එවුන්ට අහිතක් නැත ඔබ සිතුවා... 

කරගල ගගා...

භීතිය දමා බිමට ගන්ධ දුම් දී බුදුන්ට 
ඔබ විල් කඩට වෙලා බලා ඉන්නවා 
මඟුල් ඇතු ඇවිත් රුවට ඔබගේ 
සැලුන් දොරට හීනෙන් දෙදණ නමනවා... 

කරගල ගගා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.