කරදිය සුළඟටkaradhiya sulangata

Karadiya Sulangata

Lyrics

කරදිය සුළඟට සුසුමක් හැරදා 
මුර කුටියේ නිදි වැරුවද අයියන්ඩී  
හිත තුල තෙරපෙන සිතිවිලි පොදි බැඳ
ගිනි අවියටදැයි කියන්නෙ ලං ලංවී 

මරණය අත වනනා යුධ දොරකඩ 
ළය දරඳඩු දැයි කියන්න සන්සුන් වී
කඳවුර ළඟ දූවිලි සුළඟේවත් 
හසුනක් අමුනා එවපන් අයියන්ඩී 

නිදිමත ඉසිලූ දෑසට කඳුලැලි බර වැඩිදෝ 
සිතිවිලි ගොළුවුනු රෑකට ඝනදුර කළු වැඩිදෝ 
වෙඩි හඬ නෑසෙන ඈතක හිත ඉගිලී යාදෝ 
පුපුරන විට ළඟ පාතක සිහිනය මියැදේදෝ 

කරදිය සුළඟට සුසුමක්....

කවි පද ලියැවුණු දෑතට ගිනි අවි බර වැඩිදෝ 
සීපද මිමිනූ රෑකට වෙඩි හඬ රළු වැඩිදෝ 
නිහඬව සුසුමක යා කල දුක සුළගෙක යාදෝ 
සිහිනය සුපිපෙන ඈතට දුර කොයි කොතරම් දෝ  

කරදිය සුළඟට සුසුමක්....
මරණය අත වනනා යුධ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.