කරඹ යායේ ළවැලි පාරේkaramba yaayee lawaeli paaree

Karaba Yaye Lawale Pare

Lyrics

කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතී
වැව පුරා රතු නෙළුම් පිපුණේ //
නුඹ බලන්නයි අරුන්දතී

කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතී

ඇල් හේන දෙපසේ මල් සුවද අතරේ
සහන් සුව රැඳුනේ
පූදින නාමල සේමා කෝමල හසරැලි පාලා
නුඹ නෙතු මුණ ගැසුනේ

කරඹ යායේ ....

ගිනි අව්ව නිවිලා සිත සනසාලා
වසන්තයයි එන්නේ
රන්වන් මාලා දාලා රන්වන් සේලේ ඇඳලා
නුඹ කැන්දන් යන්නේ

කරඹ යායේ ....

කරඹ යායේ ළවැලි පාරේ
මගේ හද දිනු අරුන්දතී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.