Lyrics
කර බඳින රත්තරන් අත පලදින සිත්තම්
අතමිට නැතුවට හිනාවෙලා ඉන්න සත්තකින්
ඔබ කදුළු බිංදු කවදාහරි වේවි රත්තරන්
ලා රෝස පාට තොල්පෙති මත සුවද තියන්නම්
ලංවෙන්න එපා බඹරුනි අරගන්න හිතයි නම්
ඒ සුවද මගේ තව දෑතක රැදෙන්න තහනම්
සද මඩල පුරා පෙම් කල බව ලියන්න එහෙනම්
කර බඳින....
මුතු කදුළු බිංදු ඉබේම මුදු සිනහ සලාවි
රන් මාල පොටක තෝඩු දෙකක හැඩ සරසාවි
මලු සුවද නුඹෙන් උදුරාගෙන යන්න හදාවි
හිත තුරුලට වී ලැගුම් දෙන්න මට සිරියාවී
කර බඳින....