Lyrics
කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන
නගරෙන් නික්මී - ගොම්මන් අඳුරෙම
ඔබේ කැදැල්ලට - මා එන ලස්සන
සසර පුරුද්දක් වාගේ
දවසක කද බර - හෙලමින් බිම මත
කිරුළු දරන්නට - රජෙකු වගේ හිඳ
ආදර - පෙම් රජ - දහනේ
මා - ඔබ - වෙතටයි ආවේ//
කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන........../
දෑසම දල්වන් - වාරෙන් වාරෙට
මඟ බලමින් ඔබ - සිටිනු දකින සඳ
දවසේ - වෙහෙසක් - නෑනේ
මා - ඔබ - වෙතටයි ආවේ//
කඳුවැටි බිඳගෙන - ගං වැව් මැඩගෙන........../
සසර පුරුද්දක් වාගේ////