කඳුළු වැටුණු නෙත් පිටු අතරේkandulu waetunu neth pitu atharee

Kandulu Watunu Neth Pitu Athare

Lyrics

කඳුළු වැටුණු නෙත් පිටු අතරේ
ඔබෙ නම පුරවනවා
අවසන් හුස්මට අරුතක් දෙන්නට
ඔබ ළං වෙනවා .... යලි ඈතට යනවා //

තව සිතැගි හංගන්නෙපා
බොරුවකට රවටන්නෙපා
සදහටම සමුගන්නදා
යලි මාව සිහිවෙන්නෙපා 
දුක හිතෙනා හීන මගේ
අඳුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා

හමුවීලා වෙන් වන්නේ
හැමදාව රිදවන්නේ
කවදාද හිමිවන්නේ
හිත තාම ගැස්සෙන්නේ
ඉඟිකරනා දෑස මගේ
නුහුරුයිද මේ තරම්
ඔය දෑත මේ හිත ඉල්ලනවා
දැන දැනත් ඔබ ඈතක යනවා

කඳුළු වැටුණු ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.