කඳුළු වලින් පෙම් හසුන ලියන්ටkandulu walin pem hasuna liyanta

Kandulu Walin Pem Hasuna Liyannata

Lyrics

කඳුළු වලින් පෙම් හසුන ලියන්ට //
කඳුළු නැතේ මා ළඟ ලදුනේ //
චපල සිතින් හැරදා දුර යන්නද //
මෙමට ලදේ ආදරය කලේ //
කඳුළු වලින් පෙම් හසුන ලියන්ට //

ඇස කඳුලින් බරවී ඇඬුවා
ඒ කඳුලේ ඔබේ රුව දුටුවා
සිත දැවෙමින් මුළු රැය ගෙවුනා
ඔබ නැතිදා තනිකම දැනුනා
මම ඔබට ආදරෙයි සැමදා
කඳුළු වලින් පෙම් හසුන ලියන්ට 

ලොව මාගෙන් ඔබ ගැන ඇසුවා
මුව ගොළුවී අසරණ වූවා
කියූ වදන් අමතක කරදා
ඇයිද ගියේ ඔබ මා හැරදා
මම ඔබට ආදරෙයි සැමදා

කඳුළු වලින් පෙම් හසුන ..... 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.