කදුළු කතාවේkadhulu kathaawee

Kandulu Kathawe

Music:
සනත් නන්දසිරිsanath nandhasiri

Lyrics

කදුළු කතාවේ නිමක් දුටුවදා
සිහින ලතාවේ  මලක් පිපුණුදා
සතුටු ගගක් ගැලුවා
හදට හදක් බැඳුණා.....
 
ආසිරි චාමර පවන් සැළී
සෝ දුක් සංකා සෙමින් මැකේ 
දෙගුරුන් මිතුරන් සුපැතුම් මැද්දේ
අපේම ලොව අප තනි වූයේ....

සුසුමක පා කර හසුන්  යවා
දෙතැනක තනිවී හඩා දොඩා
ගෙවූ අතීතෙන් අප සමුගන්නෙමු 
අලුත් ලොවක රන් කිරුළු දරා....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.