Lyrics
කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචි දේටත් ඇඩෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා
මලෙක මොළකැටි සුමුදු පෙති මත
ලියු සෙනෙහස රිදුම් දෙන සඳ
බලා ගෙන නෙත් පියන් නොදනිම
කඳුළු වැටුනා අහිංසක ලෙස
කඳුළු හුරතල් ....../
නපුරුව පෙම් වදන් බිදලන
හිතක් කෙතරම් නපුරු වුවද
කඳුල හිනැහෙන විටදී නෙතු අග
අසරණයි යලි තනයි පෙම් ලොව
කඳුළු හුරතල් .....