කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මාkandulu helaa naebiliyata sahal garana ammaa

Kandulu Hela Nabiliyata Sahal Garana Amma

Lyrics

කඳුළු හෙලා නෑබිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙලා ගිනි දළු ගෙන ලිප මොලවන අම්මා
වෙල්දෙනි වල ඇවිද ගොසින් වෙරළු ගෙනැත් අම්මා
ඉනි වැට ලඟ බලා සිටී අපි එනතුරු අම්මා

මවුකිරි බි‍ඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙවු කිරි බි‍ඳෙන් බිඳ ලෝකය නිවාලා
සක්විති වෙයන් යැයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා අඬාලා

කඳුළු හෙලා ....

දරුවන් අනේ රජ වෙන තුරු මඟ බැලුවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
(බුදුවෙන පුතුන් හට ඇය ඉනිමං තැනුවා)..///

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.