කඳුලින් බරkandulin bara

Kandulinma Bara

Lyrics

කඳුලින්ම බර ආකාශ දෑසේ
සංධ්වනී ගුගුරවයි වරුසා සේ
සංගීතාත්මය ඒ තමයි නුඹගේ....

වචනයෙන් තොර නාදේශ්වරයාණනේ
පරම හැඟුමෙහි පරමේශ්වරයාණනේ

සුවහසක් රස ඟගුල් එකතුව
සමුදුරක් මැයි නුඹ තැනූ තනු
විශ්වයත් ඉක්මවූ ප්රැතිරාව
නිම්තෙරක් නැති නුඹේ ඔපෙරාව...

සූර්යයා සේම පායා 
දෑත් හිරු කිරණ විහිදා
මහපොළවේ ශූතිය හඳුනා
තුන්කල්ම දකිනා මිනිසා
හඳුනාගත්තොත් ...
අසීමිත මිනිසා ඔබයි...
ගියත් නික්මි සමුනොගත් මිනිසා ඔබයි ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.