කඳුළින් මේ දෑස පොඟවාkandulin mee dhaesa pongawaa

Kandulin Me Dasa Pogawa

Music:
තරංග සම්පත්tharanga sampath
Lyrics:
ඩිලාන් ගමගේdilaan gamagee

Lyrics

කඳුළින් මේ දෑස පොඟවා සැඟවීලා යන්න මත්තෙන්
රහසේ ඔබෙන් සමු ගන්නත් කඳුළු දරා මේ දෙනෙතින්
තනි වී දුක් සුසුම් දරා හිඳින්නම් ඔයා වෙනුවෙන් 
ඇයි මා හට ආදරේ කළේ අදටත් නොදනී මා නම්.......

දුර අතීතයේ හීන ගල් ගැසී සුසුමේ දුක් විඳිනවා
වේදනාවන් උරුම කර දී කව්දෝ නෙතු හොයනවා
ඔබ ගැන තැවිලා දොස් පවරා පල නැති බැව් දන්නවා
දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන් වෙලා
ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා.......

කඳුළින් මේ දෑස පොඟවා සැඟවීලා යන්න මත්තෙන්
රහසේ ඔබෙන් සමු ගන්නත් කඳුළු දරා මේ දෙනෙතින්........

කී කාරණා මුසාවක් වෙලා සිත තුළ දුක් විඳිනවා
ජීවිතෙන්ම මං පෙම් කෙරූ නිසා මෙතරම් දුක් විඳිනවා
පැතුමන් ගැනලා හැඟුමන් මැකිලා තනිකම් දොස් විඳිනවා
දුක උහුලන් මා ඉන්නම් යන විට ඔබ වෙන් වෙලා
ඔබ වෙන් වෙලා දැන් යයි කියා සිත කියනවා.......

කඳුළින් මේ දෑස.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.