කඳුලින් මතක පුරවාkandulin mathaka purawaa

Kandulin Mathaka Purawa

Music:
චමත් සංගීත්chamath sangiith
Lyrics:
ඉෂාන් ප්‍රින්ස්ishaan prins

Lyrics

කඳුලින් මතක පුරවා හිනැහී දුරක ගියා
තරහා නෑනේ හැමදා සතුටින් ඉන්න ඔයා
කීවාට මාගේ වැරදී ඔයා 
නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා...

රණ්ඩු කරා පෙරදා හේතු නැතිව ඔයා
සමු අරන් හැරදා යන්න ඔබ හිතලා
කීවාට මාගේ වැරදී ඔයා 
නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා...

තවම බලන් උන්නේ මතකේ තුරුළු කරන්
ආයේ එයි කියලා මාගේ හුස්ම අරන්
කීවාට මාගේ වැරදී ඔයා 
නැහැනේ මේ වනතුරා වැරදී කරලා ඔබට කිසිදා...

කඳුලින් මතක පුරවා...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.