කඳුළක මතකය (උහුලමි තනිවම)kandulaka mathakaya (uhulami thaniwama)

Kandulaka Mathakaya (Uhulami Thaniwama)

Music:
ලසන්ත වීරසූරියlasantha wiirasuuriya
Lyrics:
චතුක මධුරංගchathuka madhhuranga

Lyrics

උහුලමි තනිවම කඳුළක මතකය මගෙම වෙලා තිබූ වසන්තයේ
දුටුවෙමි ඔය රූ ගම් දොර එන මග නොදැනිම රිදුමක හද දැවුණේ
නාදුනනා විලසින් මා මඟහැර බිම බලනා ඔය නෙතු අතරේ
දුටුවා මං පෙරදා වූ සෙනෙහෙම සඟවන්නට හද මා අතරේ

වදනින් වදනක් අමුණා මුමුණා හිනැහුන වැළපුන පොඩි කාලේ
දෑතින් දෑතම පටලා ඇවිදින් ගිය හැටි මතකයි ගම් දෑලේ
අතැර දමා පිටගම් ගියදා ඔබ දෑතම මාගේ
මහළු වෙලා ඒ ගම් දෑලත් නෑ පෙරදා වාගේ
නෑ පෙරදා වාගේ

මොහොතින් මොහොතක් ගෙවලා බලලා රිදවන ඉකිලන ඒ මතකේ
වසන් කර ගෙන උහුලා ගෙන උන් ගිනි දැල් ඇවිලෙයි ආයේ හිතේ
මා පසුකරගෙන පැටලීලා යයි ඔබ හිමි සුරතේ
දරා නොහැක වෙන ඔය කුස මට ඒ හිමිකම ඔහුගේ
ඒ හිමිකම ඔහුගේ ......

ආ.......ආ.....ආ......ආ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.