Lyrics
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නෙ කවදද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේම රුවමයි
හසරැල් දිනූ ලොව එක් තැන් වෙලා
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ
අප හමුවුනු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුනු සිත්වල මතක ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ.../
සිත සිහිනයකි නෙත එක රැයකි
යළි සසඳන්න බැරි//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගියද ලොවේ
එක්වන්නට බැරි නම්
කඳුලක් වැටේ නම් පිසලන්න ආයේ.../