Lyrics
සඳ රේණු අතරේ සැඟවීලා මා රිදවයි හද පාරවා
අතීතයේ පෙම් සිහින මවා මේ ලොවේ මා තනිවෙලා
(කඳුලක් තියා මා ළඟින් ඔයා
සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//)
නොපෙනෙන මානෙක රුව සඟවා
ඔබේ සිනා හඬ මට ඇසුණා
ගඟුලක් සේ සුවය ගෙනා
ඒ සිසිලස අද මට නැතුවා
(කඳුලක් තියා මා ළඟින් ඔයා
සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//)
දහසක් මල් සුපිපෙන ලෝකේ
මට හිමි කුසුමයි මිලින වුණේ
සුසුම් පොදක් තුරුළු කරන්
සිනාසෙන්න බෑ මේ භවයේ
(කඳුලක් තියා මා ළඟින් ඔයා
සැඟවී නොපෙනී දුර යන්න ගියා.....//)
සඳ රේණු අතරේ.......