කඳුලක්kandulak

Kandulak

Music:
නවරත්න ගමගේnawarathna gamagee
Lyrics:
ඉයන් ලින්තොටiyan linthota

Lyrics

කඳුලක් නැංවූ හැම මොහොතක් ගැන අයැදිමි ඔබෙන් කමා  
පැරදුණු අපේ පෙම ගැන මම ලතැවෙමි 
පියැවුණු දෙනෙත් තෙමා
දෙඅතක සිටියත් හමුනොවුණත් අපි 
නළලට නළල තියා සිහිනෙන් ඇවිදින් 
මගේ සිත පිරිමැද සිප සනසන්න මෙමා........

නොකැළැල් කුළුඳුල් ඔබේ හද දිනුමට මා හට ලැබුණි වරම් 
යෞවනයේ ඇති නොඉඳුල් සුන්දර විඳිනට ලදිමි වරම්
පොරුව මත හිඳ සුළැඟිලි අල්ලා හූයෙන් බැඳෙන තරම්
දෙවියනි ඇයි මා හට නොදුන්නේ ඔබ හිමිවෙන්න වරම්......

හැඟුමන් සිර වී හදවත් ගොළු වුණු දිවියෙම අඳුරු පැයේ
නෙතින් ගතින් සමු ගනිමින් නොහෙළු කඳුලක් තවම තියේ
සොඳුරු සෙනෙහසේ සුමිහිරි මතකය කිසිදා මැකී නොයේ
මේ ලොව මා නෙළු සුන්දරතම මල ඇයි ගිලිහිලා ගියේ......

කඳුලක් නැංවූ.........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.