කඳුල නුඹkandula numba

Kandula Numba

Music:
සංක සමරපුලිsanka samarapuli
Lyrics:
හෂාන් තිළිණhashaan thilina

Lyrics

සිතට ඇවිත් නුඹ හෙමිහිට සිහින් ඇහිපිය යටම ගුලි වී
හැංගී හැංගී මියෙන උපදින කඳුල නුඹ කඳුල නුඹ.......

සැලෙන ඇසිපිය සොයන රූ සර 
ගැහෙන හදවත පතන සෙනෙහස
සදා වැලපෙන හිතට සැනසුම
ගෙනෙන හිනැහෙන කඳුල නුඹ......

සිතට ඇවිත්........

විටෙක සසලව දිලෙන නෙතු විල
සොරුන් බිඳලන හීන ඇහිඳින
මගේ නොමියෙන මතක අරගෙන
සදා වැලපෙන කඳුල නුඹ......

සිතට ඇවිත්........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.