Lyrics
කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයේ ඉන්නම් අමතක නොම වේ නම්
(සෙනෙහේ පුදන්නම් හිත නොරිදනවා නම්.....//)
(මල් පූදින්නේ දෑඟිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ...//)
සෙනෙහේ පුදන්නේ සෙනෙහේ ලබන්නයි
හිත රිදවා හඬවන්න නොවේ.....
කඳුල නිවන්නම් නෙත නොතෙමෙනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්.....
(සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි...//)
සෙනෙහේ පුදන්නේ අඳුරේ තනි වූ
හිතකට එළියක් ලැබ දෙන්නයි.....
කඳුල නිවන්නම්.....