කඳුළ ඉතින් සමාවෙයන්kandula ithin samaaweyan

Kandula Ithin Samaweyan

Music:
සුරේෂ් ද සිල්වාsureesh dha silwaa
Lyrics:
ලක්‌මාලි කාරියවසම්lakmaali kaariyawasam

Lyrics

කඳුළ ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරියහනේ තනි රකින්න

කළු වළාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළොවේ
ගොම හේදෙයි අලුත් පිටම
කන්ද කපා හඳ පායා
සඳරැස් යහනට වඩින්න
සඳ එළියෙන් ඇගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න

කඳුළ ඉතින් සමාවෙයන්...

මල් දෙවැටේ වතුසුදු මල්
පිපේවී ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා 
මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩ දීයං වළාකුලේ
මගෙ සිහිනය මල් පිපෙන්න

කඳුළ ඉතින් සමාවෙයන්...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.