කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමුkandula ithin samaaweyan api wenwemu

කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු

Lyrics

කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට
මගේ ගෙපැළට ඈ එනවා සිරි යහනේ තනි රකින්න //

කළු වළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් පොළවේ ගොම හේදෙයි අළුත් පිටම
කන්ද කපා හඳ පායා සඳ රැස් යහනට වඬින්න
සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල් දකින්න

කඳුළ ඉතිං ......

මල් දෙවැටේ වතුසුදු මල් පිපේවි ඈ පිළිගන්නට
උපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට
බිළිඳු ගෙනා කිරි සුවඳක් ගෙපැළ දොරින් හමා එන්න
ඉඩ දීයන් වළාකුලේ මගෙ සිහිනයේ මල් පිපෙන්න

කඳුළ ඉතිං ......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.