කඳු පාමුල සිටkandu paamula sita

Kandu Pamula Sita

Lyrics

කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ....

මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු ‍අවර වනපෙතේ
ඔබ කියු රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි....

ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.....

කඳු පාමුල සිට.../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.