කදු මතින් මුවා වුනkadhu mathin muwaa wuna

Kandu Mathin Muwa Wuna

Lyrics

කදු මතින් මුවා වුන සඳ මමයි
නෙතු අගින් සිනාසුන තරු ඔබයි
මේ නිසංසල රෑ ....
සොදුර ඔබගෙයි මගෙයි //

කෝපි මල් වල සුවද අරන්
සුළං රැල්ලට හා වෙලා //
සෙමින් ඇවිදින් පුබුදු කරවයි
මගේ ගත දැවටිලා

කදු මතින් මුවා වුන ....

උදෑසන රැදි පිණි බිදක් සේ
කඳුළු බිදුවක සගවලා //
සෙමින් ඇවිදින් නලල්තල මත
හාදුවක් රදවලා 

කදු මතින් මුවා වුන ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.