කන්දෙන් එහාkandhen ehaa

Kanden Eha

Music:
මහින්ද බණ්ඩාරmahindha bandaara
Lyrics:
ආචාර්ය අජන්තා රණසිංහaachaarya ajanthaa ranasinha

Lyrics

කන්දෙන් එහා මේ නිමිනයේ සීතෙන් පෙඟී ඉන්නේ මමයි
මීදුම් සැදෑ ආනන්දයේ උණුසුමි සිතින් එන්නේ මමයි

කඳු රෑනේ හැන්දෑවේ සිත පාළුයි පාළුයිනේ
පවනැල්ලේ මා එනවා සුබ සැන්දෑවක් වගේ
සිරි සිරි හඩින් සිඑි පොද වැටී සිතිවිලි මගේ සීතලයි
මීඳුමි සැඳෑ ආනන්දයේ  උණුසුම් සිතින් එන්නේ මමයි

ළපටි තේ දළු සීත දැනිලා තුරුළු වෙන අපි මේ
රැදෙන දෙතොලට සුවඳ උණුසුම බිඳක් ඕනිද ප්‍රියේ
දෑත පොරවා මා දැන් මඟ බලා ඉන්නම්
මීඳුමි සැඳෑ ආනන්දයේ  උණුසුම් සිතින් එන්නේ මමයි

රෑන විහඟුන් කූඩු වෙනවා උන් එවුන් සොය සොයා
රතු වළාකුළු සීත මීදුම් කන්ද මුදුනට ගියා
ඉන්න තව මොහොතක් මා නිමේෂෙන් එනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.