කන්දේ හැපුනාkandhee haepunaa

Kande Hapuna

Lyrics

කන්දේ හැපුනා මහ වනන්තරේ
ඊ සී අට අහස් යන්තරේ
මරුවා කල මිතුරෙ බේරෙන්ට බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ

මම පත්තරෙ බලලා උපුටා ගත් එය සොයලා
කියනෙමි විස්තර කරලා
හොඳ හැටි ගලපාලා  එහි ඇති දුක්බර කිරලා
ගයන්නෙ මම අසන්න  ඔබලා

හැත්තැ හතරෙ වර්ශෙ දෙසැම්බර් සිව්වෙනි දවසේ
උනු දෙය අසන්න අහසේ
අඬාලා බොහො සේ වැලපුනාලු දුක සේ
අසාලා අහස් යානෙ විනාසේ

සිරිලක් අහසේ මස්කෙලිය ප්‍රදේශේ
රෑ දහයට බදාදා දවසේ
හෙන පාරක් සේ පුපුරා දෙදරුවා අහසේ
කිසිවෙක් නොදැනෙති රහසේ

කන්දේ හැපුනා මහ වනන්තරේ....

එකසිය අනූ එක් දෙනෙක් ගෙන ආ අහස් යානයක්
තත්පරේට උනා අලුගොඩක්
වන්දනා පිරිසක් අතර ගැහැනු පනස්නම  දෙනෙක්
මරු අරගත්තනෙ බිල්ලක්

එදා බදාදා දිනේ අහස් යානා ගුවනේ
මක්කම බලා පිටත් වුනේ
කිසි කෙනෙක් නොදන්නේ අන්තිම ගමනය යන්නේ
පූරුවෙ කල කරුමයක් අනේ

ගුවන් තොටුපොලේ සිටන් සැතැප්ම ගානකට දුරින්
වැටුනා අහස් යානය දැවෙමින්
මස්කෙලියට නුදුරින් ගිණිජාලා පුපුරමින්
පොලවට වැටුනෙ මල කඳන්

කන්දේ හැපුනා මහ වනන්තරේ....

දවස් ගණනක් තිස්සේ මළ කඳන් කැලෑවෙ අස්සේ
සෙව්වා නේද අපේ කට්ටිය
කලකට පස්සේ ලැබුනා බ්ලැක් බොක්ස් එක අයිසේ
නොහොත් මේ කලු පෙටිටිය

කලු පෙට්ටිය ලැබුනා ටේප් පටි කෑලිත් තිබුනා
නමුත් මේක මට අභිරහසක්
වරද හෙලි උනා මොකක්ද කියලා වැටහුනා
ඒක යාන්ත්‍රී කරන දෝශයක්

කන්දේ හැපුනා මහ වනන්තරේ
ඊ සී අට අහස් යන්තරේ
(මරුවා කල මිතුරෙ බේරෙන්ට බෑ සසරෙ
කගෙද මට වරද නොතේරේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.