කන්දෙ හැපිලා හඳ මුලා කලා නෙතkandhe haepilaa handa mulaa kalaa netha

Kande Hapila Sanda Mulakala Netha

Lyrics

(කන්දේ හැපිලා හඳ මුලා කළා නෙත
යමුද නඟේ අද කන්දෙ විහාරෙට 
යමුද නඟේ අද කන්දෙ විහාරෙට......//) 

පිච්ච මල් කැකුලු අරගෙන දෙපා සිඹින්නට
පරවුනු මල් දැක එපා හඬන්නට
දිව හැකිලෙන්නේ නැතුව කියාපන් නගෝ
මා එක්කල දීග කන්න එනවද නංගෝ......

කන්දේ හැපිලා.....

සේද හවඩි පළඳාගෙන කැන්දන් යන්නට 
භාර වුනේ මං කන්දේ විහාරෙට
දිවුරල බෝ මලුවෙදි මට කියාපන් නගෝ	
තව උඹ ගැන හිතේ තියන් ඉන්නද නංගෝ......

කන්දේ හැපිලා.....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.