කැන්දන් යන්නම්kaendhan yannam

Kandan Yannam

Lyrics

කැන්දම් යන්නම් පෙම් මල් මාලා දාලා
පායනා තරුවේ
තරු පළදා මුතු පළදා තරු මුතු වැල් පළදා

කැන්දන් යන්නම් ....

ටිකිරි කාලේ ගැයූ ඒ වැව් තෙරේ ආයේ
පුංචි ඔරුවේ පාවෙලා යං නෙළුම් විල් යායේ
සඳ නැගිලා මල් පිපිලා වැව් තෙරේ ආයේ

කැන්දන් ....

සෙනෙහෙතාවේ මාලිගාවේ මුතු සිනා රාවේ
සොයා සිහිනේ පාවෙලා මං ඈත කඳු යායේ
හිමිවේවා කවදා හෝ මුතු සිනා රාවේ

කැන්දන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.