Lyrics
කාන්දම් දෑස දල්වා
රතු තොල් මත්තට හාදු ඉල්ලන්න
රෑ හීන වැස්ස//
මුදු ලැම ගැස්සෙන තාලමක් දාන්න
නිදි නැති රෑ
මට ආදර හීසර හැඟුමන් ආවා
තනිවනු බෑ
ඉහ අද්දර චංචල දේවල් පේනා
නිහඬ යාමේ පාවීලා
ඔබව තාමත් සිහිවෙන්නා
තුරුණේ හීනේ පේවිලා
සොඳුරු වරම් වෑහෙනා
සසරන්න ඇසිපිය පෑ, පාළු හිත හා පෑහිලා
විසිරුණු සිතුවිලි හා, යාළු වන රෑ හමුවිලා
රෑ පුරා තනිවෙලා කීවා මා හා
මගේ හදවත ඔබට දීලා
දෙවට ලඳ පුරාවට අත්වැල් අල්ලන්
අකුරට යන්න
ඉහ අද්දර ආදර සිතුවිලි දෙන්නම්
තුරුලට කැන්දා
යාය පීරන් එද්දී මද නල එක්කන්
ඔබේ වත පිසලන්න, තාලයට
නිදි නැති රෑ...//
කාන්දම් දෑස...//