කන්ද උඩින් හිරිගල්kandha udin hirigal

Kanda Udin Hiri Gal

Lyrics

කන්ද උඩින් හිරිගල් පොජ්ජෙන් 
කොයිබට යනවද මයේ නෑනි
හිසකේ වලියක් පිටට හෙලන්
කොයිබට යනවද මයේ නෑනි....

(නෑනිට බැඳ දුන් වැට වියනා
කදිරංවැල්ලේ බැඳි වියනා....//)
(උදේ හවා මං මතුරඤ්ඤං
නෑනිට හිත් පොජ්ජ පුදඤ්ඤං....//)

කන්ද උඩින්......

(බොල්ලන් වාසේම අදින්නේ
සෙල්ලම් බෙර පද ගඤ්ඤචංනේ....//)
(අඟර දඟර නැටුම් පාන්නේ
නෑනි මයේ පණ හින්දානේ......//)

කන්ද උඩින්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.