කදසුරිදුනි ඔබෙ ඔද තෙද දැක හද - kanda suridunikadhasuridhuni obe odha thedha dhaeka hadha - kanda suriduni

කදසුරිදුනි ඔබෙ ඔද තෙද දැක හද - kanda suriduni

Lyrics

කදසුරිදුනි ඔබෙ ඔද තෙද දැක හද 
පිබිදුණු සිතැතිව පුදදෙමු බැතියෙන //

ඔබ යැදුමට ආවා අපි 
ඔබ පිදුමට ආවා //

සත්ගිරි වටකොට ඔබෙ නිවහන ඇත 
සත්සිදු පතලව ඔබෙ කිතුගොස ඇත //

ඔබ යැදුමට ආවා අපි 
ඔබ පිදුමට ආවා අද 
ඔබ යැදුමට ආවා අපි 
ඔබ පිදුමට ආවා 

මයුරාසන මත වැජඹෙන තෙදැතිව 
උතුරන හදකින් පුදදෙමු බැතියෙන //

ඔබ යැදුමට ආවා අපි 
ඔබ පිදුමට ආවා අද 
ඔබ යැදුමට ආවා අපි 
ඔබ පිදුමට ආවා 

කදසුරිදුනි ඔබෙ පිහිට ලැබේවා 
මගෙ රට සව්සිරියෙන් සපිරේවා //

ඔබ යැදුමට ආවා අපි 
ඔබ පිදුමට ආවා අද 
ඔබ යැදුමට ආවා අපි 
ඔබ පිදුමට ආවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.