Lyrics
කන්ද කපා සඳ පායනවා
අන්ද අඳුර දුර පාවෙනවා
සීතල සුළගට බනිමින්
දෑකම පටලා ගනිමින්
සොඳුර මගේ ලගට ඇදෙනවා
සොඳුර මගේ ලගට ඇදෙනවා
කන්ද කපා සඳ පායනවා
ආදර බර මිහිරි කල්පනා
සාගර රළ ලෙස උපද්දනා //
ඇත නෙලුමක් සුපිපි වතේ
මුතු දෙපොටක් මුවෙහි වෙතේ //
ඇයගෙ සෙවණ මට සුව දෙනවා //
කන්ද කපා සඳ පායනවා ....
ඇගිලි තුඩින් සිරස පිරි මැද
මුවග නගා මියුරු වෙන නද //
ඇගෙ දෙසවන සනසවමින්
මම ගීයක් ගයමි හෙමින්
ලොවම අපට අමතක වෙනවා //
කන්ද කපා සඳ පායනවා ....