කාංචනාkaanchanaa

Kanchana

Lyrics

කාංචනා කාංචනා
හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා
බලාපොරොත්තුව එක් කරලන්නේ
අපි නැත ඔබෙ සෙනෙහස උදුරන්නේ
හිතන්න පොඩ්ඩක් ආදර කාංචනා

කෝඳුරුවන් උඩ පැන පැන නැටුවේ
දළක් මලේ පැණි උරන තුරා
මෙරුන් තැන තැන පියඹා යන්නේ
ගින්නට හසුවී දැවෙන තුරා
අයියගෙ අක්කගෙ ඔවදන් අහන්න
පස්සට ඔබ පසුතැවෙනු එපා

ඇඟ ලේ කිරි කර අම්මා පෙව්වේ
තනිවම ඔබ පා නගන තුරා
ඔබ දැඩි කරන්න පියා වෙහෙසුනේ
යොවුන් වියට පා තබන තුරා
අයියගෙ අක්කගෙ ඔවදන් අහන්න
පස්සට ඔබ පසුතැවෙනු එපා



Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.